ICT Introduction (තොරතුරු තාක්ෂණය හැදින්වීම)

 තොරතුරු තාක්ෂණය හැදින්වීම 

            පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ කර ගනිමින් සිදු කරණු ලබන තා‍ෙතුරු හුවමාරුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුන්වයි.

 තොරතුරු තාක්ෂණය නිසා 

*සන්නිවේදනය වේගවත්ව සිදුකල හැක.
*සන්නිවේදනය ඉතා පහසු වීම.
*තාත්වික සන්නිවේදනයක් සිදුකල හැකි වීම.
*සන්නිවේදන පිරිවැය අවම වීම.
*මිනිස් ශ්‍රමය හා කඩදාසි භාවිතය අවම වීම.

තා‍ෙ.තා සදහා පවතින බාධා

        *දැනුවත්කමේ ඌනතා
        *දුෂ්කර ප්‍රදේශ වල පවතින යටිතල පහසුකම් වල ඌනතා
        *නවීන මෘදුකාංග වල ඌනතාව
        *අලුතින් සිදුකරණ ආයෝජන ප්‍රමානවත් නොවීම
        *සමාජීය ගැටලු

දත්ත යනු, 

 යම්කිසි ක්‍රියාවලියකට සාපේක්ෂව එම ක්‍රියාවලියට ඇතුලත් කරන දේ වේ . යම් සකස් කිරීමක් සිදු නොකල අසංවිතිත  අංග රහිත අර්ථ රහිත දෑ මෙලෙස හදුන්වයි.

    දත්ත පවතින ප්‍රධාන ආකාර 3 කි

1) ලිඛිත සටහන්

         *අක්ෂර (අ,ආ)
         * සංඛ්‍යා (හිංදු අරාබි ඉලක්කම්, රෝම ඉලක්කම්)
         * විවිධ සංකේත(@,#,$,%,^,&) 

2) ශ්‍රව්‍ය දත්ත

         *Audio,Voice,Music

3) දෘෂ්‍ය දත්ත

         *Films, Video 

 දත්ත වර්ගීකරණය අනුව කොටස් 2 කි එනම්.

            1) ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)
            2) ගුණාත්මක දත්ත(Qualitative Data)


1) ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)

*යම් දත්තයක් සංඛ්‍යාත්මකව අගය කල හැකි නම් එම දත්තය ප්‍රමාණාත්මක දත්තයක් ලෙස හදුන්වයි.
                උදා :- උසස්පෙළ සිසුන්ගේ Z අගය
                          වෙලදසැලක ඇති සබන් කැටයක මිල

 2) ගුණාත්මක දත්ත(Qualitative Data)

       *යම් දත්තයක් සංඛ්‍යාත්මකව අගය කල නොහැකි නම් එම දත්ත ගුනාත්මක දත්තයක් ලෙස හදුන්වයි.
                         උදා :- සිසුන්ගේ විනීත භාවය

 

තොරතුරු 

        යම් ක්‍රියාවලියකට සාපේක්ෂව ඇතුලත් කරණ දත්ත සකස් කිරීමෙන් පසුව පිටතට ලබාදෙන දේ තොරතුරු ලෙස හදුන්වයි. අර්ථාන්විත කාර්යයන් සදහා භාවිතා කල හැකි ලෙස අර්ථාන්විතව සකස් කරණ ලද දත්ත තොරතුරු වේ.

තොරතුරු දත්ත සැකසීමේ පද්ධතියකින් ලැබෙන ප්‍රතිධානය ලෙසද හදුන්වයි .

    තොරතුරු වල ලක්ෂණ

                *අර්ථවත් වීම

                *පෙර දැණුම නවීකරණය වීම

                *විශ්මය දණවනසුලු වීම

                *අන්තර් සන්නිවේදන මාධ්‍යයක් වීම

                *කාලීන සහ තීරණ ගැනිමට උපකාරී වීම

                *ආර්ථික භාණ්ඩයක් වීම

                *අවශ්‍යතාව සපුරාලිය හැකි වීම

                *නිවැරදි හා විශ්වාසවන්ත වීම

                *සුදුසු මාද්‍යයක් මගින් සන්නිවේදනය කල හැකි වීම

                *කාලෝචිත වීම

    දත්ත හා තොරතුරු 

          පංතියක් ගතහොත් එම පන්තියේ ළමුන්ගේ විෂයන් වලට ලබාගත් ළකුණු දත්ත වන අතර එමගින් මුලු ළකුණු ගනන සහ සාමාන්‍ය, ස්ථානය වැනි දෑ තොරතුරු ලෙස හැදින්විය හැක.


දත්ත හා තොරතුරු නිර්මාණය කළමනාකරණය හා බදො හැරීම

දත්ත තොරතුරු බවට පත් කිරීම සදහා ප්‍රධාණ ආතාර 2 ක් පවතී එනම්,

                1)හස්ථමය ක්‍රමය

                2)ස්ව්‍යංක්‍රිය ක්‍රමය

        1)හස්ථමය ක්‍රමය

තොරතුරු සැකසීමේ ක්‍රියාවලියට අධාල සියලුම කාර්යයන් එනම් දත්ත ඇතුලත් කිරීම,සැකසීම,තොරතුරු ප්‍රතිධානය සහ ගබඩා කිරීම වැනි සියලුම කාර්යයන් මිනිස් ශ්‍රමය භාවිතා කර සිදුකරයි. 

            ම‍ෙහිදි ඇතිවන ගැටලු

            *නිරවද්‍යතාව අඩු වීම
            *කාලය වැඩි වශයෙන් වැය වීම
            *වැඩි මිනිස් ශ්‍රමයක් යොදා ගැනීමට සිදුවීම
            *අධික පිරිවැය
            *තොරතුරු ගබඩා කිරීමට ඉඩ වැය වීම
            *තොරතුරු වතෙ පිවිසීම මන්දගාමී වීම
            
හස්ථමය ක්‍රමයේ ගැටලු මග හරවා ගැනීම සදහා ස්ව්‍යංක්‍රිය ක්‍රමය යොදා ගනී

        2)ස්ව්‍යංක්‍රිය ක්‍රමය
පරිගණක මෘදුකාංග,දෘඩාංග,දත්ත සමුදායන්,පුද්ගලයින්,ආධිය උපයොගී කරගෙන තොරතුරු සැකසීම ස්ව්‍යංක්‍රිය තොරතුරු සැකසීම ලෙස හදුන්වනු ලබයි.
 මෙහිදී ඉහත සදහන් කරුණු සදහා පරිගණකයක් යොදා ගනු ලබයි.

අප ලබාදෙන අමු දත්ත (Raw Data) උපදෙස් අනුව සකස් කර  තොරතුරු පිටතට ලබාදෙන සම්බාධක (Digital)සැකසුම් යන්ත්‍රයක් ලෙස පරිගණකය ක්‍රියා කරයි.
    මෙහි විශේෂතා නම් 
            *අධික වේගය
            *ඉහල ගබඩා කිරීමේ හැකියාව
            *විශ්වාසවන්ත භාවය
            *ස්ව්‍යංක්‍රිය ක්‍රියාකාරිත්වය
            *අඛණ්ඩ ක්‍රියාකාරිත්වය

Popular posts from this blog